කුලියාපිටිය
වයඹ පළාතේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ කුලියාපිටිය අධ්‍යාපන කලාපයට අයත් කුලි/කනදුල්ල ධර්මරාජය ආදර්ශ මහා විද්‍යාලය 1AB වර්ගයේ පාසලකි.එය කුරුණෑගල මාදම්පේ මාර්ගයට යාබදව කුලියාපිටිය නගරයේ සිට කිලෝමීටර් දෙකක් පමණ දුරින් පිහිටා ඇත.1955 සැප්තැම්බර් මස 16 වන දින කනදුල්ල ධර්මරාජ විහාරස්ථාන ශාලාවේ බෞද්ධ විද්‍යාලයක් වශයෙන් පාසල ආරම්භය සිදුවිය.හැට අට වසරක කාලයක් තුළ විදුහල්පතිවරුන් දාහත් දෙනෙක් යටතේ මෙම විද්‍යාලයේ දියුණුව ලබා ඇත. 2019 වර්ෂයේ සිට මෙම පාසල පළමුවරට විදුහල්පතිනියක් යටතේ මෙහෙය වේ.පාසලේ ආරම්භක ශිෂ්‍ය සංඛ්‍යා 28ක් වූ අතර වර්තමාන විෂ සංඛ්‍යාව 760. 2021.5.17 අධ්‍යාපන අමාත්‍යංශ ලේකම්ගේ ලිපිය අනුව සෞභාග්‍ය දැක්ම රාජ්‍ය ප්‍රතිපත්තියෙහි පාසල් පද්ධතිය දැනට ක්‍රියාත්මක පාසල් අතරින් තෝරාගාගත් පාසල් ජාතික පාසල් ලෙස දියුණු කිරීම තුලින් ජාතික පසල් සංඛ්‍යාව 1000 දක්වා ඉහළ නැංවීමෙ වැඩසටහන යටතේ ජාතික පසලක් බවට පත් කෙරිණි.
ප්‍රශස්ත අධ්‍යාපනයක් තුළින් විශිෂ්ට දරුවෙක්.
දැනුමෙන් යහපත් ආකල්පයෙන් හා කුසලතාවයෙන් පිරිපුන් අනාගත අභියෝගවලට සාර්ථකව මුහුණ දිය හැකි වැඩ ලෝකය හා සම්බන්ධ සමබර පෞරුෂත්වයෙන් නිර්මාණශීලී දරු පිරිසක් බිහි කිරීමට දායකවීම අපගේ මෙහෙවරයි.