
68 වන සංවත්සරය නිමිත්තෙන් කෙසෙල් පැළ 68ක් සිටුවා
අභිමානවත් සැමරුමක් සිදු කරන ලදි.
ධර්මරාජ විද්‍යාලීය ක්‍රීඩා තරග ඉසව් කීපයක් පවත්වා සහතිකපත් ලබා දීමට සැලසුම් කර ඇත.ජවන හා පිටිය තරග හා මලල ක්‍රීඩා ඉසව් කීපයක් යටතේ පැවැත්වීමට සැලසුම් කර ඇත.
2024 වර්ෂය සදහා ශිෂ්‍ය නායක නායිකාවන් බදවා ගැනීමේ කටයුතු මේ දිනවල සිදු වෙමින් පවතී.අයදුම්පත් භාර ගැනීම 2024යි මාර්තු 11 වන දින අවසන් වන අතර සම්මුඛ පරීක්ෂණ බදාදා දින සිට සිදු වේ.ලාංඡන පැලදවීමෙ උත්සවය මාර්තු 28 වන දින පැවැත්වීමට සැලසුම් කර ඇත.
කුලි/කනදුල්ල ධර්මරාජ විද්‍යාලයේ මාධ්‍ය ඒකකය මගින් සංවිධානය කළ සැණකෙළිය 2023 නොවැම්බර් මස 15 වන දින විද්‍යාලීය ප්‍රධාන ශාලාවේදී අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි.මේ සදහා 9 සහ 10 ශ්‍රේණි වල සිසුන්ගේ සහභාගිත්වයෙන් කඩවල් පහකින් ආහාර සකසා අලෙවිය සිදු විය .මේ සඳහා ප්‍රධාන ආරාධිතයන් ලෙස කලාප අධ්‍යාපන කාර්යාලයේ ආරාධිත අමුත්තන් සහ හුන්නෙලෙම්බුව මහා විද්‍යාලයේ විදුහල්පතිතුමා සහභාගි විය.
කනදුල්ල ධර්මරාජ විද්‍යාලයේ 2024 වර්ෂයේ ප්‍රාථමික අංශයේ නවක සිසුන් බඳවා ගැනීම 2024 යි මාර්තු මස 04 වන දිනයේ පැවත්විණි.ඒ සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස කුලියාපිටිය කලාප අධ්‍යාපන කාර්යාලයේ නියෝජ්‍ය අධ්‍යාපන අධ්යක්ෂ (තාක්ෂණ) නදීකා විජේසිංහ මහත්මිය ඇතුළු අමුත්තන් සහභාගි විය.


© 2026 කනදුල්ල ධර්මරාජ ආදර්ශ මහා විද්‍යාලය - කුලියාපිටිය. All rights reserved. Design with by Webcomms Global | Help Desk