වර්ෂ 1955 සැප්තැම්බර් 16 වන දින කනදුල්ල විහාරස්ථානයේ කුඩා පොල් අතු මඩුවකින් ආරම්භ කළ කනදුල්ල විද්‍යාලය ඉතා දිගු ඉතිහාසයකට හිමිකම් කියයි.අප පාසලේ නිර්මාතෘවරයා යටගම ඤාණුක්ඛංශ නායක ස්වාමීන් වහන්සේය.බෞද්ධ මිශ්‍ර පාසලක් ලෙස ආරම්භ වූ මෙම විදුහල ශිෂ්‍ය ශිෂ්‍යාවන් 25 දෙනෙකුගෙන් යුක්ත විය.එස්.ඒ. චන්ද්‍රසේන මුල් ගුරුතුමාගෙන්, අමරා ජයසිංහ ඇදුරුතුමියගෙන් සහ කේ.ජී. අභයරත්න ඇදුරුතුමී ඇතුළු ගුරු මණ්ඩලයේ තිදෙනකුගෙන් ඉගැන්වීම් කටයුතු ආරම්භ විය.
1960 වර්ෂයේදී ටී.ඒ. සිරිවර්ධන විදුහල්පතිතුමාගේ කාලයේ ශිෂ්‍ය සංඛ්‍යාව 318 දක්වා වර්ධනය වූ අත.ර ගුරු සංඛ්‍යාව 9කි.පොල්අතු මඩුවක්ද තිබූ පාසල 1960 වන විට ස්ථිර හා අර්ධ ගොඩනැගිල්ල ලෙසින් ඉදි විය.වර්ෂ 1971 ජූලි 3වන දා කනිෂ්ඨ ද්විතීයීක අංශය (6-11) වර්තමාන පාසල් භූමියට ගෙනෙන ලදී.ප්‍රාථමික අංශය කනදුල්ල විහාරස්ථානයේම පැවතුණි.
විදුහල සතු භූමි ප්‍රමාණය අක්කර 5කි.1972 වර්ෂයේදී ක්‍රීඩාපිටිය ඉදි විය.1980 වර්ෂයේ ජනවාරි 3 දා මෙම විද්‍යාලය මහා විද්‍යාලයක් බවට පත් විය.කාලයේදී විදුහල්පති වූයේ ඒ.ම්.ඩී. අධිකාරී මහතාය.මෙම වර්ෂයේම පාසලට විදුලිය ලැබුණි. එමෙන්ම උසස් පෙළ පන්ති ද මෙම වර්ෂයේදී ආරම්භ කෙරිණි.
1987 වර්ෂයේදී ප්‍රථම දෙමහල් ගොඩනැගිල්ලක් ඉදිකිරීම ආරම්භ විය.මේ වන විට පාසල හොඳ නමත් දිනාගෙන තිබුණි.2013 වර්ෂයේ සිට උසස් පෙළ විද්‍යාව විෂය ධාරාව ආරම්භ විය.





