නියෝජ්‍ය විදුහල්පති පණිවිඩය
නිශාන්ත අධිකාරි මයා
යහපත් කායික, මානසික හා චිත්ත වේගවලින් පොහොසත් රටට වැඩදායි පුරවැසියන් බිහි කිරීම ධර්මරාජයේ ඒකායන අරමුණ වන්නේය.විසි එක්වන සියවසට ගැලපෙන දැනුම ආකල්ප හා කුසලතාවලින් පොහොසත් දරුවකුත් තැනීම සඳහා පාසල් පරිපාලනය හා ආචාර්ය මණ්ඩලය මෙන්ම අධ්‍යයන කාර්ය මණ්ඩලයද එක්ව කටයුතු කරනුයේ අයෝමය යදමක පුරුක් ලෙස මනා සම්බන්දතාවයකිනි.අධ්‍යාපනය මෙන්ම ක්‍රීඩා, සෞන්දර්ය, පරිසර නියමු, බාලදක්ෂ ආදී විෂය බාහිර ක්‍රියාකාරකම්වල නියැලීම සඳහා සිසුන්ට අවස්ථා සලසා දෙනුයේ දරුවා අනාගත සමාජයට නොබියව මුහුණ දුන් සඳහා අවශ්‍ය සමාජජමය සකසාද සකසා දීම සකසා දීමේ අභිලාෂයෙන් යුතුවයි.බෞද්ධාගමික පරිසරයකින් ආරම්භ කරන ලද මෙම පාසල අද වනවිට අභිමානවත් 68වන සංවත්සරය සමරන ලද්දේ කනදුල්ල ධර්මරාජ මහ පිරිවෙනේ ද අන්‍යෝන්‍ය බැඳීමත් සමඟය.ප්‍රදේශයේ කීර්තිමත් 1AB පාසලක් වන ධර්මරාජ ආදර්ශ මහා විද්‍යාලය වර්තමාන නායකත්වය ප්‍රදේශයේ කීර්තිමත් විදුහල්පතිනියක් වන E.M.S.S. ඒකනායක මහත්මියගේ මාර්ගෝපදේශය මත ඉතා සංවර්ධනාත්මක ලක්ශන පෙන්නුම් කරයි.අතීතයේ මෙන්ම වර්ථමානයේදී අනාගතයේද ධර්මරාජය ප්‍රදේශයේ දීප්තිමත් පාසලක් ලෙස සමාජයට උදාර මෙහෙවරක් ඉටුකිරීම සදහා අවශ්‍ය සමාජීය, සංස්කෘතික හා අධ්‍යාපනික පරිසරය වර්ධනය වේවා! ධර්මරාජයේ මතුවටත් යෙහෙන් වැජඹේවා !
නිශාන්ත අධිකාරි මයා
නියෝජ්‍ය විදුහල්පති
කනදුල්ල ධර්මරාජ මහා විද්‍යාලය.





